දකුණුදිග ජපානයට හමා ආ සුළි කුණාටුවක් හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විශාල පිරිසක් නිවෙස්වලින් ඉවත් කර ඇති අතර දූපතේ පිහිටි නිවාස වලින් තුනෙන් එකක විදුලි ඇනහිට ඇති බව වාර්තා වේ. “කානුන්” නැමැති මේ සුළි කුණාටුව හේතුවෙන් ඔකිනාවා දූපත් වැසියන් විසිදාහක් පමණ දෙනා නිවෙස් වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගොස් තිබූ අතර දූපතේ පිහිටි නාහා ගුවන්තොටුපොළේ සිට ගුවන් ගත කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් 900 අවලංගු කර තිබේ.

මෙම සුළි කුණාටුව පසුගියදා චීනයට කඩා වැදුණු අවස්ථාවේදී පුද්ගලයන් 34 දෙනකු මිය ගොස් තිබූ අතර ශත වර්ෂයකට පමණ පසු චීනයට ඇදහැළුණු දරුණුතම වර්ෂාපතන ඇති වීමටද එය මුල්විය.සති කිහිපයක් තුළ නැගෙනහිර අාසියාවට කඩාවැදුණු තුන් වැනි සුලිකුනාටුව කානුන් වන අතර ගෝලීය උණුසුම් එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවැනි සුළි කුණාටු ඉදිරියේදීද ඇති වනු ඇති බව විද්වත්හු පවසති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *