දූෂණ චෝදනාවකට අදාළව පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ. ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඬුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන් ට සක්‍රීය දේශපාලනයේ නිරත වීමද වසර 5කට අත්හිටුවා ඇති බව වාර්තා වෙයි. 70 හැවිරිදි ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයින් ගෙන් ලද වටිනා ත්‍යාග නීතිවිරෝධීව අලෙවි කළ බව කියන චෝදනාවකට අදාළව මෙම දඬුවම නියම වී තිබේ. ඉම්රාන් ඛාන් විසින් එම චෝදනා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබූ අතර, අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමටද සැලසුම් කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *