බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුළුණ වසා දැමීමට බලධාරීන් බලධාරීහු පියවර ගත්හ.

අයිෆල් කුළුණ ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලෝකප්‍රකට අයිෆල් කුළුණ නැරඹීමට වසරකට දෙස් විදෙස් සංචාරකයෝ මිලියන ගණනක් පැමිණෙති. පසුගිය වසරේ අයිෆල් කුළුණ නැරඹුම් ගණන මිලියන 6.2 යැයි ප්‍රංශ පුවත් සේවා පෙන්වා දෙයි.

බෝම්බ බිය හේතුවෙන් කඩිනමින් අයිෆල් කුළුණ හිස් කිරීමට කටයුතු කෙරුණු අතර ඉහළ මහල තුනක් වසා දැමිණි.

රයිස් පොලිස් නිලධාරීන් සහ බෝම්බ නිශ්ක්‍රිය අංශ සාමාජිකයන් වහා පැමිණ පරික්ෂා කළේ ඉන් පසුවය. අයිෆල් කුළුණේ ඉහළ මහලක අවන්හලක් ද ඇත.

සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කෙරුණු නමුත් බෝම්බයක් වත් පුපුරන ද්‍රව්‍ය හෝ කුළුනේ තිබී සොයා ගැනුණේ නැතැයිද පැවසේ. අයිෆල් කුළුණ ඉදි කිරීම ඇරඹුණේ 1887 ජනවාරියේය. ඉදිකිරීම අවසන් වූයේ 1889 මාර්තු 11 වැනිදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *