සුපිරි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සිය ඉන්ස්ටර්ග්‍රැම් සමාජ මාධ්‍ය ජාල නිල ගිණුමෙන් ලෝක වාර්තාවක් තැබීමට සමත්ව ඇත.
රොනල්ඩෝගේ නිල ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 600 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර එය insragram පරිශීලක ඉතිහාසයේ මිලියන 600 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස සටහන් වේ. මේ වන විට රොනැල්ඩො සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමට පොස්ටු 3536 පමණ එකතු කර ඇති අතර 2022 වසරේ නොවැම්බර් මාසය වන විට පරිශීලකයන් මිලියන 500 ක් එම ගිණුමට සම්බන්ධ වී ඇත.
මෙහි දෙවැනි ස්ථානය ලෝක ශූර පාපන්දු ක්‍රීඩක ආජන්ටිනාවේ ලියොනල් මෙසී විසින් දරනු ලබන අතර ඔහුගේ ගිණුමේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 482 කි.