අවසානයේ අඩුම ජනගහනයක් ඇති බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරන ප්‍රකට දේශපාලකයකු නොවන සෙනෙට් සභික අන්වර් උල් හක් පාකිස්තාන භාරකාර අගමැතිවරයා ලෙස නම් කර ඇතැයි එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත. මීළඟ මැතිවරණය පවත්වන තොග පකිස්ථානය රාතානය රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අන්වර් උල් හක් භාරකාර අගමැතිවරයා ලෙස පත් කර ඇත්තේ රජය විසුරුවා හැරීමෙන් පසු අගමැති ධූරයට සමුදුන් ශෙබාස් ශරීෆ් සහ එරට විපක්ෂනායක රාජා රියාස් අතර පැවැති සාකච්ඡාවකින් පසුව බව වාර්තා වේ. දෙදෙනාගේ ගෙක තාවය මත ඔහුගේ නම ජනාධිපතිවරයා ගේ අනුමැතියට යවනු ලැබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

පාකිස්ථානයේ මීළඟ මැතිවරණය දින 90 ක් ඇතුළත පැවැත්විය යුතුව ඇති අතර, පාකිස්ථානයේ නව ජන සංගණනයේ ප්‍රතිඵල සම්බන්ධව පසුගිය සතියේ දී උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මැතිවරණ කල් යනු ඇතැයිද වාර්තා පළවී ඇත. ඉන් කියැවෙන්නේ කියැවෙන්නේ එයට ඡන්ද කොට්ඨාස නැවත සකස් කිරීමට මැතිවරණ කොමිසමට වැඩි කාලයක් අවශ්‍ය වනු ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *