ඉන්දියාවේ හැත්තෑ හත් වැනි නිදහස් දින උත්සවය නවදිල්ලි නුවරදී මහත් හරසරින් යුතුව සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.
එරට විවිධ සංස්කෘතික අංග රැසකින් සමන්විත ව පැවති පැවති නිදහස් දින උත්සවයේ දී ජාතිය ඇමතූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වර්තමානය වන විට ඉන්දියාව ගෝලීය මිතුරෙකු බවට පත්වී ඇතැයි ප්‍රකාශ කළ බවද වාර්තා වේ. අර්බුදකාරී අවස්ථාවලදී ඉන්දියාව විවිධ රටවලට උපකාර කළ බවත්, එබැවින් ම ඉන්දියාව විශ්ව මිතුරෙකු බවට පත් වී ඇති බවත් ඔහු සදහන් කර තිබේ.

ඉන්දියාවේ නිදහස් නිදහස් දිනය සමරමින් එරට බංග්ලාදේශය දේශ සීමාව අසල දී එරට දේශ සීමා ආරක්ෂක හමුදා සෙබළුන්ට රසකැවිලි බෙදා දීමද සිදු කර ඇති අතර, පාකිස්තාන දේශසීමාව අසලදී පාකිස්තාන දේශ සීමා ආරක්ෂක සෙබළුන්ට ද රසකැවිලි බෙදා දීමද ට ඉන්දීය දේශ සීමා ආරක්ෂක සෙබළු කටයුතු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *