ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගනී. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කරමින් වනිදු හසරංග සදහන් කර ඇත්තේ එක්දින හා 20-20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කිරීමේ අදහසින් මේ තීරණය ගත් බවයි. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට උපරිම දායකත්වය දීම තමා අපේක්ෂාව බවද වනිඳු සදහන් කළේය.
වසර 2020 දී දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී ටෙස්ට් පිටියට පිවිසි වනිදු ටෙස්ට් තරග හතරකට පමණක් ක්‍රීඩා කොට කඩුලු 4ක් පමණක් දවාගෙන තිබේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කොට ඇත්තේ 2021 අප්‍රේල් මාසය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති බංග්ලාදේශ එරෙහි තරගයේ දී ය. වනිදු එක්දින තරග 48 කදී කඩුලු හැට හතක්, 2020 තනක 58ක දී කඩුලු අනුව එකක් දවා ගෙන ඇත.
ලැබෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ මහා තරගාවලියේ දැක්වූ දක්ෂතා මත වනිදු හසරංග පසුගිය ජූනි මාසය අයිසීසී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.