පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු අදියරයේ තරග සදහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය ඊයේ (17) සිට ආරම්භ වී ඇත. අදියර දෙකක් යටතේ අලෙවි වන මෙම ප්‍රවේශ පත්‍රවල පළමු අදියරය මධ්‍යහන 12 සිටත්, දෙවැනි අදියර තරග සදහා වන ප්‍රවේශ පත්‍ර අද පස්වරු 6.30 සිට ආරම්භ වනු ඇත.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම නිවේදනය ලබා ලබාදී තිබෙන අතර එහිදී ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ හැකියාව පවතින ඇත.

මෙම ප්‍රවේශ පත්‍ර අලෙවිය අතරට ලැබෙන සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු පාකිස්තාන එක්දින තරගයේ ප්‍රවේශ පත්‍ර ද ඇතුළත් වේ.

ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේදී එක් ජාතික හැදුනුම්පත කින් විදේශ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශපත්‍ර හතරක් වෙන් කර ගැනීමේ හැකියාව පවතින නමුත් ඉන්දු පකිස්තාන තරගය සදහා පමණක් එම ප්‍රවේශපත් දෙකකට සීමා වන බව ද ඔහු දැනුම් දී සිටිති. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස තිස් වෙනිදා පැවැත්වීමට නියමිතය පාකිස්තාන සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වනු ඇත. ශ්‍රී ලංකාව තරග වදිනු ලබන පළමු තරගය අගෝස්තු මස 31 වැනිදා බංග්ලාදේශ කණ්ඩායම සමගින් පල්ලෙකැලේ දී පැවැත්වෙනු ඇත.

එම තරගය ද ඇතුළුව මෙවර ආසියානු කුසලාන තරගාවලිය යටතේ තරග නමයක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර ඉන් තරග තුනක් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ද ඉතිරි තරග කොළඹ අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ද පැවැත්වෙනු ඇත.

මේ අතර පකිස්ථානය පැවැත්වීමට නියමිත තරග සදහා වන ප්‍රවේශ පත්‍ර ඉකුත් සතියේදී ආරම්භ විණ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *