වසර හතරකට වතාවක් පැවැත්වෙන රග්බි තරගබිමේ මහා සැණකෙළිය වෙබ් එලිස් ලෝක කුසලාන රග්බි තරගාවලිය ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ විය. රටවල් විස්සක් තරගවදින මෙවර තරගාවලියේ පළමු තරගය සත්කාරක ප්‍රංශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර මූලික වටේ තව එක ඔක්තෝබර් මස 8 වැනිදා දක්වා පැවැත්වේ, අනතුරුව ඔක්තෝබර් 14 වැනි දා සිට අර්ද අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග වටය ඔක්තෝබර් 20 ,21ත් එහි පරාජිතයන් අතර ලෝකඩ පදක්කම සදහා වන තරගය ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 28 වෙනිදාය.

දහ වැනි වතාවටත් පැවැත්වෙන වෙබ් එලිස් රග්බි කුසලානයට සත්කාරක ප්‍රංශය සමග ඉතාලිය, උරුගුවේ, නැමීබියාව, නවසීලන්තය, අයර්ලන්තය, කොංගෝ, රුමේනියාව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ජෝර්ජියාව පෘතුගාලය, වේල්සය, ඕස්ට්‍රේලියාව, ජපානය, සැමෝවා, එංගලන්තය සහ ආජන්ටිනාව එක්ව සිටි.

එතෙක් මෙතෙක් මේ තරගාවලියේ වැඩිම වාර වැඩිම වාර ගණනක් කුසලානය දිනූ රට ලෙස නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සම තත්ත්වයේ පවත්ව පසුවන අතර ඕස්ට්‍රේලියාව අවස්ථා දෙකකදී එංගලන්තය එක් අවස්ථාවකදීත් කුසලානයට හිමිකම් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *