දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය ඊයේ තීරණය කළේය. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මත නිකුත් කෙරිණි.

කැබිනට් තීරන දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රවාහන ඇමැතිවරයා සදහන් කළේය.

කිසිදු වැඩ ගන්න තුනකට සහභාගි නොවී තමන්ගේ වගකීම ඉටු කළ අනෙකුත් සමිති සහ දහ අට දහසක් පමණ වන ඒවායේ සේවකයන් වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ අතර දුම්රිය රියදුරන් ඊයේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අතරතුර අතරතුරද ප්‍ ද ප්‍රේක වහලය මත ගමන් කරමින් සිටියදී එයින් ඇද වැටී මරණයට පත් වූ තරුණ ශිෂ්‍යයාට ශෝකය පළ කිරීමට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කළේය.

කැබිනට් තීරන දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට පැමිණි බන්දුල ගුණවර්ධන මහතා සියලු දෙනාට දෙනාට සිදුවීම දැනුම් දෙමින් මාධ්‍ය හමුව ආරම්භ කිරිමට පෙර කෙටි නිශ්ශබ්දතාවයක් ප්‍රකාශ කරමින් සිසුවාට ශෝකය පළ කිරීමට පියවර ගත්තේය.

පළ කිරීමෙන් පසු ඇමතිවරයා මාධ්‍ය හමුව ආරම්භ කරනු ලැබුවේ ද රටේ ජනතාවගේ යහපත උදෙසා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පියවර ගන්නා බව සපථ කරමිනි.

සමන් ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *