අත්හිටුවා තිබෙන විදෙස් ණය ගෙවීම් ආරම්භ කිරීමත් සමග එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වේ යැයි මතයක් පැවැතිය ද එය එසේ සිදු නොවනු ඇතැයි ශ්‍රී ලංකා මහා මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම කෙරෙහි එක්සත් ජනපද ඩොලරයට පවතින ඉල්ලුම අඩුවීම හේතුවක් වී ඇතැයි ඇතැමකු පවසයි.විදෙස් ණය ගෙවීම ආරම්භ කළ පසු ඩොලරයට පවතින ඉල්ලුම වැඩිවී රුපියල අවප්‍රමාණය වනු ඇතැයි ඔවුන්ගේ අදහසයි. මෙවැනි තත්ත්වයක් ඉදිරියේ දී මතු වෙතැයි පැවසුව ද ඉදිරියේ දී විදෙස් සංචාරක ඉපයීම්, ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වැඩි වීම් සහ අපනයන ආදායම වැඩිවීම හේතු කොටගෙන ඩොලරයට පවතින ඉල්ලුම සමනය කර ගැනීමට නැතිනම් විදේශ විනිමය කළමනාකරණය කර ගැනීමට තමන්ට හැකියාව ඇතැයි ද මහා බැංකුව පවසයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ඊයේ (03) පස්වරුවේ පැවති ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳ ජනමාධ්‍යවේදීන්ට තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ.ජී හරිස්චන්ද්‍ර මහතා මේ බව සදහන් කළේය.

ජයසිරි මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *