ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ උමාරා සිංහවංශ, එල් පී එල් සමාරම්භක උත්සවයේ දී එම ගායනයට තෝරා ගත්තේ කාගේ වුවමනාව මත දැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ විමර්ශන අංශ නිලධාරීන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ගොස් ඊයේ (02) විමසා තිබේ.
මීට අමතරව තවත් විමර්ශන නිලධාරීන් පිරිසක් අධ්‍යාපනය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සංගීත) මුණගැසී අදාළ ජාතික ගීයට අදාල තනුව හා එම විකෘතිතාව පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාගෙන ඇත.
මෙම ප්‍රධාන තොරතුරු 2 දෙක සම්බන්ධයෙන් ලබාදුන් විශේෂඥ උපදෙස් වලින් පසුව අද (03) හෝ හෙට (04) චෝදනා එල්ල වී සිටින කුමාර උමාරා සිංහවංශ ගෙන් වා ඇගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ විමර්ශන අංශය තීරණය කර තිබේ.
මෙම විමර්ශන වලින් පසුව අමාත්‍යංශය ලේකම් වෙත අදාළ වාර්තාව ලබා දී ඊට පසු නීතිපති උපදෙස් මත ඉදිරි පියවර ගැනීමට නියමිතය.
ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා, නෝමන් පලිහවඩන