ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක දී සිංගප්පූරුව හැර වෙනත් රටක් පරාජයට පත් කළ පළමු අවස්ථාව දකුණු අප්‍රිකාවේ දී පෙරේදා (02) රාත්‍රියේ දී වාර්තා විය.
ලෝක ශ්‍රේණිගත කිරීම් හි දාහතර වැනි ස්ථානයේ රැඳී සිටින බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය ලබා ගත්තේ ය.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු ජයග්‍රහණය ද ලෙසින් එම ජයග්‍රහණය වාර්තා විය.
බාර්බඩෝස් කණ්ඩායමට එරෙහිව ලකුණු 60-56 ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම එම දස්කම ප්‍රදර්ශනය කළේය.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 30-26 ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී අතර තෙවැනි කාර්තුවේ දී බාර්බඩොස් කණ්ඩායම පෙරමුණට පැමිණිය ද යළි සිව්වැනි කාර්තුවේ දී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්තේ ය.
මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 15 වැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (04) 12:30 ට සිංගප්පූරුව සමග මෙම තරගාවලියේ පැවති පැවැති පළමු සටනේදි ශ්‍රී ලංකාව පරදවා 55-52 ක් ලෙස සිංගප්පූරුව ජය ගත්තේය.
බාර්බඩෝස් සමග පෙරේදා පැවැති ජයග්‍රහි තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිශලා අල්ගම ලකුණු 47ක් ලබා ගත් අතර ඇය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් දහ දෙනා අතරට ද එක් වීමට සමත් වූවා ය.
ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, වේල්සය යන කණ්ඩායම් හමුවේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ අතර ” ඊ ” කාණ්ඩය යටතේ සිංගප්පූරුව සහ සිම්බාබ්වේ හමුවේ ද ලෙසින් එක දිගට තරග පහක් පරාජයට පත්වී සිටියේය.