මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත.

ප්‍රංශ ජනාධිපති වරයාගේ මෙරට සංචාරය අතරතුර පැවති කෙටි හමුවේ දී මෙම පොරොන්දුව ලබා දී ඇත.ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුවත් කිරීමෙන් පසු ප්‍රංශ ජනපතිවරයා මෙම එකගතාවය පලකර තිබේ.

නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වැනි ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම් වල සහාය මෙරටට ලබා දෙන බව කියා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කර ගන්නා ලෙසද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *