ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හෙට (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාධිපති වරයෙකු ලෙස සචින් ශ්‍රී ලංකාවට පැමිණෙයි.ඔහු මෙරටට පැමිණෙන්නේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැත්වෙන යුනිසෙෆ් ආයතනය සංවිධානය කරන කොවිඩ් – 19 වසංගතය, කලාපයේ දරුවන්ගේ ජීවිතවලට ඉන් ඇතිවූ බලපෑම සහ ආර්ථික අර්බුදය යන මැයෙන් දේශනයක් හා ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වීම සඳහා ය.

යුනිසෙෆ් කලාපීය තානාධිපති වරයකු ලෙස වශයෙන් සචින් ඔහුගේ භූමිකාව හරහා දකුණු ආසියානු කලාපය පුරා ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව, සංවර්ධනය සහ ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *