එංගලන්ත පිළේ හිටපු ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ නිවේදනය නිකුත් කර තිබේ. 34 හැවිරිදි හේල්ස් පසුගිය වසරේ නොවැම්බරයේ ඕස්ට්‍රේලියාවේදී විස්සයි විස්ස ලෝක කුසලානය ජය ගත් එංගලන්ත පිලේ සාමාජිකයෙකු වූ අතර, ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමෙන් පසු ලොව පුරා 20 20 ලීග් තරග වලට ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙයි.

වසර 2011 අගෝස්තුවේ ඉන්දියාවට එරෙහිව පැවති 20 20 තරගයෙන් ජාත්‍යන්තර පිටියට එක්වූ හේල්ස් 2013 අගෝස්තුවේ ඉන්දියාවට එරෙහිව එක්දින තරග වරම් ලැබුවේය. වසර 2015 දෙසැම්බරයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් වරම් ලැබුවද, ඔහුගේ ටෙස්ට් අපට තිබිය තව ක 11 කට සීමා විය. එක්දින තරග හැත්තෑවකට සහ 20 20 තරග 75 කට ක්‍රීඩා කර ඇති හේල්ස් එහිදී ශතක හතක් රැස් කිරීමට ද සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *