ඉන්දියාව ලෝක අභ්‍යවකාශ ඉතිහාසයට එක් වීමේ සූදානමක.
ලෝක අභ්‍යවකාශ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඉන්දියාව විසින් පසුගියදා සදට යවනු ලැබූ චන්ද්‍රයන් 3 කොටුව සදුගේ කක්ෂයට ඇතුල්වී ඇතුල් වීමෙන් පසු ලබාගත් පළමු ඡායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ඊයේ අන්තර්ජාලයට මුදා හැර තිබේ. සද මතට රොකට්ටුවක් යවනු ලැබූ ලොව සිව්වැනි රට බවට ඉතිහාසයට එක් වීමේ අපේක්ෂාවෙන් ඉන්දියාව පසුවන අතර, චන්ද්‍රයන් තුන රොකට්ටුවේ ලෑන්ඩරය සහ රෝවරය මේ මස 23 වැනිදා සඳ මතට ගොඩ බස්වනු ඇතැයි අනුමාන කර තිබේ. මීට පෙර ඇමරිකාව, රුසියාව හා චීනය සඳ මතට රොකට් යැවීමේ මෙහෙයුම් සාර්ථකව අත්හදා බැලූ රටවල් අතර වේ.
චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ආවට ඡායාරූපවලින් දැක්වෙන අතර ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ මේ දක්වා චන්ද්‍රයන් -3 කිසිදු ගැටලුවකින් තොරව සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවය. මෙය ඉන්දියාවේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන තුන්වැන්න වන අතර, එහි පෙර මෙහෙයුම් වලට වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් තිබෙන බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.