ඉන්දියාවේ දී මෙවර පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගිත්වය ස්ථිර බව පකිස්ථානය ප්‍රකාශයට පත් කර ඇත.

එරට විදේශ ඇමැතිවරයා විසින් ඒ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඉන්දියාව සමග ඇති දේශපාලනමය සහ අනෙක් ජ ගැටළු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි.

” ක්‍රීඩාව හා දේශපාලනයකට මිශ්‍ර නොවීමට පකිස්ථානය සැමවිටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගිවීම සඳහා ඉන්දියාවට යවන්න.
” යැයි පාකිස්තාන විදේශ ඇමතිවරයා සදහන් කර සිටී. පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි20 ලෝක කුසලාන තරගයෙන් පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012, 2013 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නොමැත. ලබන ඔක්තෝබර් මස සිට ඇරඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර මේ මස අගදී ආරම්භ වන ආසියානු කුසලාන එක්දින තරගාවලිය පකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *