දරුවන්ට පෝෂණය පිරුණු කෑම වේලක් සමග ගුණාත්මක අධ්‍යාපනයක් ලැබිය යුතුය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපයේ තානාදිපති ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සචින් සචින් තෙන්දුල්කාර් මහතා පැවසීය.

පළාතේ යුනෙස්කෝ තානාධිපති ලෙස සහභාගී වෙමින් ආර්ථික අර්බුදයෙන් පීඩාවිඳින ළමයින් සහ මාපියන් හමුවීම සඳහා නිරීක්ෂණ චාරිකා කිහිපයකද තෙන්දුල්කාර් මහතා නිරත විය.

මින් පෙර 2015 වසරේ යුනෙස්කෝ ආධාර බෙදාදීම සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර තමාගේ සුන්දර මතකයන් ද මෙවර සංචාරයේ දී තෙන්දුල්කාර්ආවර්ජනය කළේය. ශ්‍රී ලංකාවේ රජය සහ රාජ්‍ය නොවන ආයතන පසුගිය 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයෙන් මිදීමට ගන්නා උත්සාහය පැසසීමට ලක් කළ ඔහු සංචාරය අතරතුර් දරුවන් සමඟ සුහදව තරගයකට ද ක්‍රීඩා කළේය .

සචින් තෙන්දුල්කාර් 2013 වසරේ සිට යුනෙස්කෝ තානාදිපති ලෙස පත් කොට ඇති අතර ඔහු දකුණු ආසියා කලාපයේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් මහඟු සේවයක් කොට ඇතැයි යුනෙස්කෝ වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *