එක්දින තරග තුනක් හා 20-20 තරග තුනක් සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අගෝස්තු මස අවසන් සතියේ දී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අගෝස්තු 28 වෙනිදා ශ්‍රී ලංකා පිල පුහුණු 20-20 තරඟයක් සඳහා එක්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය ආරම්භ වීමට නියමිතය. එහිදී පළමු විස්සයි20 තරගය අගෝස්තු 31 වැනිදා අවසන් තරගය සැප්තැම්බර් 6 වෙනිදා පැවැත්වීමට නියමිතය.

එසේම අයිසීසී කාන්තා එක්දින ශූරතාවලියට අදාලව පැවැත්වෙන එක්දින තරගාවලිය සැප්තැම්බර් මස 9 වැනිදා ඇරඹෙන අතර අවසන් තරගය සැප්තැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා පිලක් එක්දින හා විස්සයි විස්ස ද්විපාර්ශ්වීය තරගාවලියක් සදා එංගලන්තයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. මෙයට පෙර ශ්‍රී ලංකාව හා එංගලන්තයෙ මුණගැසුනු අවස්ථා 17 කදී ශ්‍රී ලංකාව එක් තරගයක් ජය ගෙන ඇති අතර එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.

තවද 20-20 තරග 9 කදී එකිනෙකා මුණ ගැසී ඇති නමුත් එම අවස්ථා නමය තුළ දීම ජයගෙන ඇත්තේ එංගලන්තය වීම ද කැපී පෙනේ.

විචිත්‍ර වීරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *