කෙසෙල් ගෙඩි මත සිටින, දෂ්ඨ කිරීමෙන් කෙනෙකු මරණයට වුවද පත් කළ හැකි බ්‍රසීලයට ආවේණික වූ ‘ බබනා ස්පයිඩර් ‘ නමැති මකුළුවෙකු සිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳ සැලක් සතියක කාලයක් වසා දැමීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාවේ අගනුවර වන වියානා අගනුවරට සැතපුම් 45 ක් පමණ දුරින් පිහිටි ‘ ක්‍රෙම්ස් ඇන්ඩ් ඩොනවු’ නගරයේ පිහිටි සුපිරි වෙලෙදසැලක් මෙසේ වසා දමා ඇත්තේ එහි තිබූ කෙසෙල් ගෙඩි පෙට්ටියක් තුළ සිටි මකුළුවෙකු හේතුවෙනි. කෙසෙල් ගස් වල සිටින මෙම කුඩා මකුළු විශේෂය ඇතැම් අවස්ථාවල කෙසෙල් ගෙඩිවලට ද ඇතුළු වන බව අනාවරණය වී ඇති අතර එම මකුළුවෙකු දෂ්ට කළ විට උග්‍ර විෂක් ශරීරගත වීම නිසා දරුණු වේදනාව හා හදවතේ ගැස්ම වැඩිවීම වැනි රෝග ලක්ෂණ මතු වී රෝගියා මිය යෑමට ඉඩ ඇති බවද වෛද්‍ය මතය වී තිබේ. ගිනි නිවන භටයන් පැමිණෙන විට අදාල සුපිරි වෙළඳසැලේ එම මකුලුවා සිට නොමැති අතර පුළුල් පරීක්ෂාවකින් පසු එම වෙළඳසැල ලබන සතියේ විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *