රුසියාවේ ලුනා – 25 අභ්‍යවකාශ යානය එහි ගොඩබෑමට පෙර කක්ෂයට මාරු වීමට සූදානම් වන විට අසාමාන්‍ය තත්ත්වයක් ඇති වූ බව රුසියානු ජාතික අවකාශය ඒජන්සිය රොස්කොස්මොස් පවසයි.

ඒ අනුව සදමතට කඩා වැටී ඇතැයි රුසියානු ජාතික අබ්යවකාශ ඒජන්සිය රොස්කොස්මොස් පැවසූ බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු අභ්‍යාවකාශ යානය අද (21) සදහි දක්ෂිණ ද්‍රවයට ගොඩබැසීමට නියමිතව තිබුණි.

මෙහෙයුම අතරතුර අසාමාන්‍ය තත්ත්වයක් ඇති වූ අතර එමඟින් නිශ්චිත පරාමිතින් සමග හුවමාරු සිදු කිරීමට ඉඩ දී නැතැයි රොස්කොස්මොස් 19වැනි දා සෙනසුරාදා කෙටි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

විශේෂඥයින් වැඩිදුර තොරතුරු ලබා නොදී තත්ත්වය විශ්ලේෂණය කරමින් සිටින බව එහි සදහන් වේ.

මෙය 1976න් පසු රුසියාව කක්ෂ ගත කළ පළමු රුසියානු අභ්‍යවකාශ යානයයි.

දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයකින් යුත් එය දක්ෂිණ ද්‍රවයේ වසරක කාලයක් ක්‍රියා කිරීමට ඉලක්ක වී තිබුණි. මෑත වසරවල දී නාසා ආයතනයෙන් සහ අනෙකුත් අභ්‍යවකාශ ආයතන වල විද්‍යාඥයන් විසින් සදහි ආවට වල ශීතකළ ජලයේ අංශුමාත්‍ර හඳුනාගෙන ඇත.

මේ අතර ඉන්දියාව විසින් සදේ දක්ෂිණ ක්‍රමයට යැවූ චන්ද්‍රයන් අභ්‍යවකාශ යානය මෙම මස 23 වැනිදා ගොඩබෑමට නියමිතව තිබේ.

උපාලි ද සේරම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *